අපගේ Email සේවාව

Showing posts with label Educational. Show all posts
Showing posts with label Educational. Show all posts

Tuesday, May 20, 2014

Starpoints වලින් රීචාර්ජ් කරගමු...


ඔබ දන්නවද ඩයලොග් වෙතින් ඔබේ ගිණුමට නොමිළේ මුදල් ගෙන්වාගත හැකි බව. මේක ඉතින් හරියන්නෙ ඔබ හොඳ ඩයලොග් පාරිභෝගිකයෙක් නම් පමණයි.. ඒ කියන්නෙ සාමාන්‍ය තරමින් වත් එකවුන්ට් එකට සල්ලි දාන කෙනෙක් නම් පමණයි.. මේ කියන්නෙ Star Points ගැන. දැනන් හිටියද ඔයාගේ එකවුන්ට් බැලන්ස් එකටත් ස්ටාර් පොයින්ට්වලින් කොටසක් ගෙන්නගන්න පුළුවන් බව?

හරි එහෙනම් පටන් ගමු. මුළින්ම #141# ගහලා ඩයල් කරන්න. ඒකෙන් Your Balance යන්න. ඒකියන්නෙ 1 දෙන්න. දැන් Total Points දෙන්න. ඒත් 1 ගහලා Ok දෙන්න. දැන් බලන්න කීයක් තියෙනවද කියලා. ඔතන 100ට වඩා තියෙන ප්‍රමාණය ඔයාගෙ එකවුන්ට් එකට ගෙන්නගන්න පුළුවන්. ඒ කියන්නෙ බැලන්ස් එක 150 නම් 50 ක් ගෙන්න ගන්න පුළුවන්.

දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි, Star pay (ඔයාගේ 100ට වැඩියෙන් තිබෙන බැලන්ස් එක) ටයිප් කරලා 141 ට මැසේජ් එකක් යවන එක. මේකෙන් Post-paid bills ගෙවන්නත් පුළුවන්.

මම උදාහරණයක් පෙන්වන්නම්. මගේ Star Points Balance එක 120 යි. ඉතින් මට පුළුවන් රු.20 ක් එකවුන්ට් එකට ගන්න.

ඔන්න ඉතින් මං මැසේජ් එක ටයිප් කරා මෙහෙම. star pay 20 . ඊට පස්සෙ 141 ට යැව්වා.



Starpoints balance එක 100 ට වැඩිනම් ට්‍රයි කරලා බලන්න......

Monday, May 19, 2014

Dialog ගැන සියල්ල දැනගනිමු

ගිණුම් ශේෂය ඉහල දැමීම

  • *123*පින් අංකය#
  • 123 අමතා ලැබෙන උපදෙස් පිළිපදින්න.
  • SMS මගින්: Top(හිස් තැනක් )PIN  NUMBER ටයිප් කරලා 123 ට Send  කරන්න.
ගිණුම් ශේෂය දැන ගැනීම 
  • *#456#
  • SMS මගින්: BAL ලෙස ටයිප් කර 678ට Send කරන්න.

* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
* අමතර අවශ්‍යතා - #107#
* සම්බන්දතාවය ගැන විස්තර #678#
* ණයක් ගන්න - #356#
* කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
* එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
* Star Points බලාගන්න - #141#
* Call Waiting Activate කරන්න - *#43#
* Missed call Alert Active කරගන්න - **62*0777012012#

Dialog Mobile BROADBAND පැකේජ

  1. Time Base

Internet Browsing TimePrice (Rs.)Validity PeriodSpeed Check Applies atActivation Code
30 minutes20.001 dayN/AKBB 20
2 hours50.003 daysN/AKBB 50
5 hours*100.005 days500 MBKBB 100
12 hours*200.005 days1 GBKBB 200
24 hours*400.007 days2 GBKBB 400
*ක්‍රියාත්මක කිරීම
          Activation code එක 678ට SMS කරන්න.
*ශේෂය දැන ගැනීම
         MBB ලෙස ටයිප් කර 678ට SMS කරන්න.
*ක්‍රියාවිරහිත කිරීම
        OFF KBB ලෙස ටයිප් කර 678ට SMS කරන්න.

    2. Daily/ Monthly Rental Package
Daily RentalFree Usage
(Valid for 24hrs)
Charges For Extra UsageActivation Code
Rs. 3.0020 MBRs. 0.50 (per MB)DBB 3
Rs. 20.00100 MBRs. 0.50 (per MB)DBB 20
Monthly RentalFree UsageCharges For Extra UsageActivation Code
Rs. 299.001GBRs. 0.50 (per MB)DBB 299
*ක්‍රියාත්මක කිරීම
          Activation code එක 678ට SMS කරන්න.
*ශේෂය දැන ගැනීම
         MBB ලෙස ටයිප් කර 678ට SMS කරන්න.
*ක්‍රියාවිරහිත කිරීම
        OFF DBB ලෙස ටයිප් කර 678ට SMS කරන්න.

   3. KNKTD Data Packages


Monthly RentalData Quota forwww.youtube.comData Quota for other Internet browsingActivation Code
Rs. 39.00200MB100MBKNK 39
Rs. 89.00500MB250MBKNK 89
Rs. 159.00900MB450MBKNK 159
*ක්‍රියාත්මක කිරීම
          Activation code එක 678ට SMS කරන්න.
*ශේෂය දැන ගැනීම
         MBB ලෙස ටයිප් කර 678ට SMS කරන්න.
*ක්‍රියාවිරහිත කිරීම
        OFF KNKලෙස ටයිප් කර 678ට SMS කරන්න.

   4. Nighttime Package
RentalNighttime zoneValiditySpeed Check Applies atActivation Code
Rs. 100.0000.00 hours – 06.00 hours
(12 mid night to 6 am)
24 hoursUnlimitedNT 100
Rs. 50.003GBNT 50
Rs. 20.001GBNT 20
සැ.යු. :- මෙම පැකේජ ක්‍රියාත්මක කිරීමට Rs.299 Monthly rental Broadband පැකේජය Activate කර තිබිය යුතුමය.

*ක්‍රියාත්මක කිරීම
          Activation code එක 678ට SMS කරන්න.
*ශේෂය දැන ගැනීම
         MBB ලෙස ටයිප් කර 678ට SMS කරන්න.


Using Dialog Wi-Fi


  1. Visit any Dialog Wi-Fi Hotspot
  2. Switch Wi-Fi on your device.
  3. Search for Wi-Fi signal.
  4. Select ‘Dialog Wi-Fi’ on the icon that displays the available wireless networks and connect.
  5. Open web browser. Now you will be re-directed to the Dialog Wi-Fi login page.
  6. Enter your username and password in Wi-Fi login page.
Prepaid CardsEnter the PIN number on the scratch panel of the prepaid card as your username

Type Dialog as your password
Prepaid/ Postpaid add to billType WIFI package rate and SMS to 678 and you will receive a username and password
[e.g. wifi 250 and SMS to 678]
Credit cardsEnter credit card details on the Wi-Fi login page and purchase a Wi-Fi package.

You will receive a username and password

අනෙකුත් Sim සදහාද බලාපොරොත්තුවන්න.............



Wednesday, May 14, 2014

සම්බුදු තෙමගුල

අද වෙසක් පෝය දවසේ ඒ ගැන දෙයක් කියුවෙ නැත්නම් වැඩක් නෑනෙ. මේ ඒ ගැන පලවන ලිපිය 

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන අප ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ඇතුළු සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී ඇත.
අවිද්‍යාවේ අඳුර නසමින් සකල ලෝක වාසීන් දුකින් මුදා ගැනීමට අප මහ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් ඇවිද අවසන් ආත්ම භාවයේ කිඹුල්වත් නුවර ශුද්ධෝදන රජතුමන් හා මහාමායා දේවිය මව්පියන් කොට ලුම්බිණි සල් උයනේදී උපත ලබන්නේ අදවන් පින්බර ‍පොහෝ දිනකයි.
සිදුහත් කුමරා රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගාවන්හි සැප සම්පත් අත්විඳිමින් සිටියද තම මෙහෙසිය වූ යසෝදරාවන් සිඟිති රාහුල පුත් බිහි කළ දිනයේ ගිහි ගෙයින් නික්ම යන්නේ සියලු බැඳීම් අත්හැර දමමින් චතුරාර්ය සත්‍ය්‍ය අවබෝධයෙන් උතුම් බුද්ධත්වය ලබා ගැනීම උදෙසාය.
විවිධ ශාස්තෘවරුන් වෙත යමින්ද තම සිරුරට දැඩි දුක් දෙමින්ද විමුක්ති මාර්ගය සෙවූ අප මහ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් බුද්ධත්වයට පත් වන්නේ අද වැනි වෙසක් ‍පොහෝ දිනකයි.
අනතුරුව දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් හතළිස් පස් වසරක් පුරා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදෙසා දහම් දෙසමින් බුදු සසුන ‍පෝෂණය කිරීමට කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අසූ වන වියේදී කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිවෙන් පා වදාළේ ද අද වැනි උතුම් ‍පෝ දිනකයි.
බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවැනි වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝදායි. විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව ඉතිහාසයේ දැක්වෙයි.
බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් පිරිනිවන් පා වදාළේ ද අද වැනි වෙසක් ‍පෝ දිනකය.
මෙවන් ශාසනික වැදගත්කමින් යුත් උතුම් වෙසක් ‍පොහොය දා ශ්‍රී ලංකා වාසීන් මෙන්ම සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් වෙසක් උළෙල සමරයි.

 Source: rivira.lk